අගෝස්තු දෙවැනි සතියේ දී වාහන ආනයනය ගැන තීන්දුවක්

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා රථ වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අගෝස්තු මස දෙවැනි සතිය වන විට ගැනීමට නියමිත බව පැවසීය.

පසුගිය 04 වැනි දා ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව රැස් වූ අතර එහි අවසන් වාර්තාව අගෝස්තු මස දෙවැනි සතිය වන විට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීම සඳහා එකගත්වය පළ වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.