2030 දී පිලිකා  රෝගීන් දෙගුණ වෙයි

පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මනෝ වෛද්‍ය යෝගා  ඇන්තනී මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. මෙහිදී අදහස් දැක්වූ එම වෛද්‍යවරිය 2018දී ලක්ෂ 96ක් වූ පිළීකා රෝගී මරණ ගණන 2030දී එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ද සඳහන් කරන ලදි.