ඉන්දියානු රුපියලට ලංකාවේ ඉඩ..!

ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන ඉන්දියානුවන් සදහා ඉන්දීය රුපියල ලංකාව තුළ භාවිතා කිරීමට ඉඩකඩ සලසා ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ඉන්දීය වාණිජ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන මැයෙන් වූ විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් මහ බැංකු අධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ ය.

මහ බැංකු අධිපතිවරයා විසින් එහි ප්‍රධාන දේශනය පවත්වන ලද අතර හෙතෙම ඉන්ටර්නෙට් ඔස්සේ සම්මන්ත්‍රණයකට සහභාගි වී තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් බවට පත්කිරීම තුළින් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණ කටයුතු පහසු වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් ගෙවීම් සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා අදහස් පළ කළේ ය.