ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා දිවයිනට පැමිණ තිබේ.

ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC – 33 දරණ යානයෙන් ඊයේ රාත්‍රී 8.55ට පමණ ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි විනේ මොහාන් ක්වාත්‍රා මහතා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් පිළිගනු ලැබීය.