වරලත් ගණකාධිකාරි ආයතනය 65 වැනි සංවත්සරය සැමරේ

වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි වෘත්තීය ආලෝකවත් කරමින් 65 වසරක් ප්‍රගතිශීලි පරිවර්තනයක් ඔස්සේ වෘත්තීය ප්‍රබෝධය ඉහළ දමා ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ බව පවසන ලදි.

එම ආයතනයට වසර 65ක් පිරීම නිමිත්තෙන් එම ආයතන ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයකදී ඒ මහතා එසේ පැවසන ලදි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ හේෂණ කුරුප්පු මහතා, ආයතනයේ සශ්‍රීක ඉතිහාසය සහ විශිෂ්ටත්වය උදෙසා සිය නොසැලෙන කැපවීමත් නව්‍යකරණය තුළින් ආත්මයත් සංකේතවත් කරවන 65 වැනි සංවත්සර උත්සවය සමරන්නට ලැබීම ඉතා ආඩම්බරයක් බවද පවසන ලදි.