TIN නිකුත් කිරීම අප්‍රේල් දක්වා කල් යයි

0

එක් එක් රාජ්‍ය ආයතනවලට ගොස් සේවකයන් සඳහා බදු අංකයක් (TIN) විවෘත කර දීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගික ගැටලු හා තාක්ෂණික ගැටලු කිහිපයක් හේතුවෙන් තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ජංගම ගිණුමක් ඇරඹීමේදී, රථ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අලුත් කිරීමේදී ලබන මස 01 වැනිදා වන විට බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් TIN ලබා දිය යුතු යැයි අනිවාර්ය කර තිබූ තීරණය ද අප්‍රේල් දක්වා කල් දැමූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ.

තාක්ෂණික පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන ස්වභාවය නිසා මෙයට කාලය ලබා දීමට තීරණය කළ බවයි වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

වර්ෂයකට රුපියල් ලක්ෂ දොළහකට වඩා වැඩි ආදායමක් ලබන අවුරුදු 18ට වැඩි පුද්ගලයන් පමණක් බදු ගෙවීම සඳහා සුදුසුකම් ලබයි.

මෙලෙස වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලු දෙනා බදු හඳුනා ගැනීමේ අංකයක් ලබාගත යුතුය. නමුත් ඔවුන් සියලු දෙනාම බදු බැඳියාවකට යටත් වන බව ඉන් නොකියවේ.

ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැඟිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටදී, රථ වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩම් අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අප්‍රේල් මස සිට අනිවාර්ය බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *