ජපානයෙන්, ලෝක ආහාර වැඩසටහන යටතේ ලංකාව⁣ට තෑගි

0

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට සිදු කළ ප්‍රදානයන් නිල වශයෙන් බාරදීම  ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (10) සිදු විය. 

හදිසි  ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන, පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහන සහ ජාතික සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා මේ ආධාර ලැබී තිබේ.

ජපනයේ විදේශ  කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු  උප අමාත්‍ය කොමුරා මසාහිරෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා ද  මෙම අවස්ථාවට එක්ව සිටි අතර ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඊට එක් වූහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා කීවෙි හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන (ERP) යටතේ හිමි වූ ජපාන ආධාර සෘජුවම ආර්ථික දුෂ්කරතා හමුවේ වඩාත් අවදානමට ලක් විය හැකි පවුල් වෙත ලැබීමට කටයුතු සළස්වා ඇති  අතර එමඟින් රට පුරා පවුල් එක්ලක්ෂ හතළිස් පන්දහසකට (145,000) ප්‍රතිලාභ ලැබී ඇති බවයි. 

මේ දක්වා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්  ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7270ක්  ලබා දී ඇති බවත්, ඒ යටතේ  පාසල් ආහාර වැඩසටහන සදහා  රතු පරිප්පු ප්‍රදානය කිරීම සිදු වූ අතර එමගින් පාසල් ළමුන් නවලක්ෂ හැට දහසකට (960,000) ප්‍රතිලාභ ලැබී තිබෙන බවද සමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *