ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී ජපානය දුන් සහාය අමතක නොකරන බව ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි

ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී ජපානය ලබා දුන් සහාය ශ්‍රී ලංකාව කිසි දිනෙක අමතක නොකරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොතෝ මහතා (Izumi Hiroto) සහ එම දූත පිරිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී පසුගියදා හමුවූ ඇමැතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ස|හන් කෙරිණ.

මෙම අවස්ථාවේදී ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වීම නිසා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට නව තාක්ෂණය හඳුන්වා දෙමින් ඩිජිටල්කරණය කිරීම, මහනුවර දක්වා අධිවේගී මාර්ගයේ 4වන කොටස ආරම්භ කිරීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ජපන් ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවට ලක් විය.