ඉන්ධන කිව්.ආර්. කේතය මාස දෙකකින් අහෝසියි

ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතය පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඉන්ධන සඳහා කිව්.ආර්. කේතය හදුන්වා දී වසර කාලයක් සම්පූර්ණ වී ඇති අතර ඊයේ දිනය වන විට එහි වාහන 6,527,684 ක් ලියාපදිංචි වී තිබුණි.