කොස්ගොඩ ඕඅයිසී ඇතුළු පොලිසියේ 3ක් වසර 7ක් සිරගෙට

සැකපිට අත්අඩංගුවට ගැණුනු විශ්වවිද්‍යාල සිසුවකු ඇතුළු තරුණයන් පස්දෙනකු පොලිස් ස්ථානයට රැගෙන ගොස් පෙට්‍රල් මිශ්‍ර කළ පොලිතින් කවර හිස හා මුහුණු ආවරණය වන ලෙස ගැටගසා අමානුෂික ලෙස වධ බන්ධනයට ලක්කෙරි ඇත.

 එය ඇතුළු චෝදනාවලට වරදකරු කරනු ලැබූ තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මාතර සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු චමත් මදනායක මහතා ඊයේ (24දා) බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම් නියම කරන ලදි.