මහනුවර දිස්ත්‍රික් කබිඩි ශූරතාව කුණ්ඩසාලේ හිමිකරගනි

කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම 48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ දෙවන අදියර ලෙස පැවැත්වෙන මහනුවර දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තරගාවලියේ කබඩි ද්විත්ව ශූරතාව දිනා ගැනීමට සමත්විය.

මහනුවර දිගන පිහිටි මධ්‍යම පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති මෙම තරගාවලිය සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගි විය.

පිරිමි අවසන් තරගයේදී ලකුණු පනස් හතට විසි අටක් (57/28) ලෙස ලබා ගනිමින් යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පරාජයේ කරමින් කුණ්ඩසාලේ කණ්ඩායම ශූරතාව දිනා ගන්නා ලදි.

 දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම ලකුණු හතළිස්පහට විසි එකක් (45/21) ලෙස පරාජය කරමින් කාන්තා අවසන් තරගයේදී කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කණ්ඩායම ශූරතාව හිමි කරගනු ලැබිණ.

 ඒ අනුව මධ්‍යම පළාත් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා කුණ්ඩසාලේ කණ්ඩායම වරම් හිමි කර ගන්නා ලදී. මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී කාර්යාලය මගින් මෙම තරගාවලිය සංවිධානය කොට තිබිණි.