හිඟ බදු මිලියන 1040න් අරක්කු සමාගම් මිලියන 611ක් ගෙවා අවසන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් පවසයි

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා 2023 වසර සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් මිලියන 1040ක බදු ප්‍රමාණයෙන් රුපියල් මිලියන 611ක් මේ වසරේ මාස හයක් ගතවන විට ගෙවා ඇතිබව, පවසන ලදි.

2023 වසර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 1.1ක්, සුරාබදු දෙපාර්තමේන්තුව අයකරගෙන නැතැයි පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇතැයි පැවසුව ද එය සත්‍යයක් නොවන බව ද ගුණසිරි මහතා පැවසීය.

 2023 වසරට අයකර ගත යුතු ඉතිරි රුපියල් මිලියන 539ක මුදල, මේ වසරේ නොවැම්බර් 30 වනවිට ගෙවා අවසන් කිරීමට එම සමාගම් එකඟ වී ඇතිබව ද ඒ මහතා ප්‍රකාශ කරන ලදි.