අතේ පත්තු වුණු වසන්ත සමරසිංහගේ, එක ලයින් එකේ බොරුව

0

පසුගියදා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට එක්වූ වසන්ත සමරසිංහ අසත්‍ය තොරතුරක් සමාජගත කරමින් කියා සිටියේ කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ඇත්තේ එක් මාර්ගයක් පමණක් හෙයින්, එක් වරක් දුම්රිය, එක් අන්තයකට පැමිණීමෙන් පසු නැවත අනිත් අන්තයේ සිටින ජනතාව සඳහා එම දුම්රිය නැවත එම ස්ථානයට පැමිණෙන තෙක් බලා සිටීමට සිදුවන නිසා මෙම දුම්රිය ව්‍යාපෘතිය ඉතා අසාර්ථක දුම්රිය  ව්‍යාපෘතියක් බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉතා විශාල මුදලක් වියදම් කරමින් සිදු කරන මෙම ව්‍යාපෘතිය ජාතික අපරාධයක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අප කළ සොයා බැලීමේදී තහවුරු වූයේ ඉහත සඳහන් කළ දුම්රියමාර්ගය මාර්ග දෙකකින් සමන්විත වන බවයි.
මීට අමතරව කොළඹ කොටුව – මාලඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කිලෝමීටර් 16ක දිගකින් යුක්ත වන බවත් එමගින් මාලඹේ සිට කොළඹ – කොටුව දක්වා ඉතා විනාඩි කිහිපයකින් ගමන් කළ හැකිය.
කාර්යබහුල වේලාවන්හිදී සෑම විනාඩි හතරකට වරක් සහ සාමාන්‍ය වේලාවන්හිදී සෑම විනාඩි දහයකට වරක් මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක වීමට නියමිතයි.

වසන්ත සමරසිංහ කරන ලද ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවත් කිසිදු කරුණු කාරණා සොයා බැලීමකින් තොරව සිදුකරන ලද මෙම ප්‍රකාශය හුදෙක් ජනතාව මුලා කිරීමේ උවමනාවෙන් සහ ඔවුන්ගේ ආණ්ඩු විරෝධී ක්‍රියා කලාපය මත සිදු කළ ප්‍රකාශයක් බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

ඔහු සිදුකළ ප්‍රකාශය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *