මනම්පිටිය අනතුරේ රියදුරු අත්අඩංගුවට

0

මනම්පිටිය ප්‍රදේශයේ දී කොටලීය ඔයට පෙරළීයාමෙන් අනතුරට ලක් වූ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ. අදාළ බස් රථයේ ගමනාන්තය කාත්තන්කුඩි ලෙස සඳහන් කර තිබුණ ද ඒ සඳහා අවශ්‍ය බලපත්‍රයක් තිබී නොමැති බවයි.

ඒ අනුව වාලච්චේන ආසන්න ප්‍රදේශයකට පමණයි අදාළ බස් රථයට බලපත්‍රය තිබී ඇත.

සිද්ධියෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 41කි.

අනතුර සිදුවූ ස්ථානය ජනශූන්‍ය කලාපයක් වන අතර පසු පසින් පැමිණි බස් රථයක සිටි මගීන් සහ වෙනත් වාහනවලින් එම මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් විසින් අනතුරට ලක්වූවන් මුදා ගැනීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *