මත්තේගොඩ පොලිස් ස්ථානය නව ඉසව්වකට

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් නව පරිශ්‍රයක ස්ථාපිත කරන ලද හෝමාගම – මත්තේගොඩ පොලිස් ස්ථානය විවෘත කිරීම සිදු කෙරිණි.

එමගින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් වඩාත් පහසුකම් සහිත ගොඩනැඟිලි සංකීර්ණයක හෝමාගම, මත්තේගොඩ නව පොලිස් ස්ථානය පිහිටුවා තිබේ.