ඇමැති මහින්ද අම­ර­වීර මහතා අනි­වාර්ය විශ්‍රාම ගැන්වූ රජයේ පොහොර සංස්ථා සේව­ක­යන්ට කෝටි 82ක වැඩිම වන්දිය ගෙවූ බව වන්දි ප්‍රදා­නය කර­මින් පවසයි.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශ­යෙන් අනි­වාර්ය විශ්‍රාම ගන්වන ලද සේව­ක­යන්ට මෙතෙක් ගෙවන ලද වැඩිම වන්දි මුදල වන රුපි­යල් කෝටි 82.3 ක් ලංකා පොහොර සංස්ථාවේ හා කොම­ර්ෂල් පොහොර සංස්ථාවේ සේව­ක­යන්ට ගෙවී­මට කට­යුතු කළ බව පැව­සීය.

අනි­වාර්ය විශ්‍රාම යෑමට කැමැත්ත පළ කළ සේව­ක­යන්ට ඔවුන්ගේ සේවා කාලය අනුව වන්දි මුදල් පිරි­නැ­මීම  පෙරේදා (18) පෙර­ව­රුවේ  කිරි­බ­ත්ගොඩ, මාකොළ සමින්රෝ ග්‍රෑන්ඩ් ප්ලේස් හෝට­ලයේ පැවැති අව­ස්ථා­වේදී ප්‍රධාන ආරා­ධි­තයා ලෙස එක්වෙ­මින් ඇමැති මහින්ද අම­ර­වීර මහතා  මේ බව පැව­සීය.