භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ  ඇති භාණ්ඩ හා සේවා ගාස්තු  20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. 

මෙහිදී විදුලිබිල වැඩිවන දින මධ්‍යම රාත්‍රියේම ඉහළ දැමෙන  භාණ්ඩ හා සේවා ගාස්තු මිල ගණන් විදුලිබිල අඩු කරන දිනයේ සිට පහත දමමින් ජනතාවට සහන සලසන ලෙස ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද  අමාත්‍යවරයා පැවසීය.