ජනතාව පීඩාවට පත් කරන වෘත්තීය සමිති නායකයන් ගැන ඇමැතිතුමා පියවරක් ගත යුතුයි – ප්‍රසන්න රණතුංග

ඊයේ (11දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජනතාව පීඩාවට පත්කිරීමට වෘත්තීය සමිතිවලට තවදුරටත් ඉඩ නොදී විෂය භාර ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු යැයි පැවසීය. 

ඔහු වැඩිදරටත් අදහස් දක්වමින්‘‘දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙද්දි යම් යම් දේශපාලන න්‍යාය පත්‍රවලට වෘත්තිය සමිති නායකයෝ ගන්න ක්‍රියාමාර්ග නිසා මිනිස්සු පීඩාවට පත්වෙනවා. අපි දන්නව ආර්ථික අර්බුදය සමග මේ හැමදේම කරන්න බැරි බව. මේක රටේ ජනතාවත් තේරුම් අරන් තියෙනව. රාජ්‍ය සේවාව මේ විදියට කටයුතු කරනව නම් මිනිස්සු පීඩාවට පත් කරන වෘත්තීය සමිති නායකයන් පිළිබඳව අදාළ ඇමැතිවරුන් තීන්දුවක් ගන්න ඕනෑ. නැත්තම් මේක කරන්න බෑ. මේ පිළිබඳවත් කථානායකතුමා හරහා අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කියා ඉල්ලීමක් කරනවා.”යි පැවසීය.