බස්නාහිර උපාධිධාරීන් 1900කට ගුරු පත්වීම් දීමට කඩිනම් ක්‍රමයක් සැකසීමට ඇමැති ප්‍රසන්නගෙන් පළාත් ප්‍රධානීන්ට උපදෙස්

පෙරේදා (09දා) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ටබස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් 1900කට ගුරුපත්වීම් ලබාදීමට චක්‍රලේඛ වෙනස් කර හෝ කඩිනම් ක්‍රමවේදයක් සකසන ලෙස උපදෙස් දී ඇත.

මේ වනවිට බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් 3000කට පමණ ගුරු පත්වීම් ලබාදී ඇති බවද චක්‍රලේඛ ගැටලු හා වෙනත් ගැටලු හේතුවෙන් තවත් උපාධිධාරීන් 1900කට පමණ ගුරු පත්වීම් ලබාදීම ප්‍රමාද වී ඇති බවද ඉකුත් 9දා ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී හෙළිවී ඇත.

එම නිසා මෙම පිරිස වහාම බඳවා ගැනීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇත.