සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය මනා අඩිතාලමක් දමා ඇති බව ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි

කොළඹ කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී වනජීවි හා සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙවසරක ප්‍රගතිය පිළිබඳ ඊයේ (28) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින්  රටට දැඩි අවශ්‍යතාවක්ව පවතින එක්සත් ජනපද ඩොලර් වැඩි වැඩියෙන් උපයාගැනීමේ අරමුණින්, පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇසුරෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තම අමාත්‍යාංශය අඩිතාලම දමා ඇතැයි වාරිමාර්ග, වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරන ලදි.