හරීන්ට වැඩි ඉඩක්..! සංචාරක ප්‍රවර්ධන යෝජනා 25කට කැබිනට් අනුමැතිය..!

ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

 සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දැනට පවතින බාධාවන් සහ අවස්ථාවන් හඳුනා ගනිමින් එකී බාධා ඉවත් කොට පවතින අවස්ථාවන් උපරිම ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අමාත්‍ය  මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් අමාත්‍යවරුන්  හය දෙනකුගේ සහභාගීත්වයෙන් මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කෙරිණි.

එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ 25ක් සහිත වාර්තාව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර ඇත.