ඉදිරියටත් වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනත් බලා පොරොත්තුවන බව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

ඊට අමතරව ඌව පලාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන සවල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළංද ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.