රනිල් වික්‍රමසිංහ මහතා ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් සුබ ආරංචියක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය සමග එක්ව යාමට සූදානම් නම් තම පක්ෂයේ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන ලදි.

මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් තියෙන්නේ අපේ අතේ.

අපි සුබ ආරංචිය ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා  ඉදිරිපත් කළ පසු කොච්චර බලගතු කෙනෙක්  යැයි අවබෝධ වෙයි. හැමදාම අපි ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙක්.

 ජනාධිපති අපිත් එක්ක යන්න ලෑස්ති නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා යැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.