මුතු රාජා යළි දෙන්නෑ…!

0

මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත.

වසර 22 කට පසුව තායිලන්තයට පැමිණිමෙන් පසු නව පරිසරයට ඉක්මණින් හුරු වූ බවත් මුතු රාජා තායිලන්තයේ සිටින ජනප්‍රියම ඇතා බවට පත්වී අවසන් බවත් වරවුත් මහතා පවසා තිබේ.මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා දෙන්නේද යන ප්‍රශ්නයට ඉඩක් නොමැති බව වරවුත් මහතා ප්‍රකාශ කර ඇත.

බැංකොක් නුවර සිටින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ භික්ෂුවකගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.දින 30 ක නිරෝධායන කාලය අවසන් වූ පසු දකුණු ඇසේ සුද ඇති වී සිටින මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින අනෙක් ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකුට සුළු තුවාල ඇති වී තිබුණත් ඔවුන් රැක බලාගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්ව විද්‍යාල තායිලන්ත ඇතුන් දෙදෙනා රැක බලාගැනීමට එම විශ්ව විද්‍යාල වලට හැකි බවට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇතැයි අමාත්‍යවරයා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *