නන්දා මාලනියට හැට වසරක මතකය පිරුණු සම්මානයක්!

0

ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරය අතික්‍රමණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ඇතුළු ඊට අනුබද්ධ සියලුම ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජය මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (14) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙවර සංවිධානය කෙරුණේ වසර තුනකට පසුව වීම විශේෂත්වයක් වන අතර 2019 සහ 2020 යන වර්ෂයන්හි ප්‍රදර්ශිත චිත්‍රපට 42ක් පාදක කරගනිමින් ප්‍රවීණ සිනමා විචාරකයින් සහ සම්මානිත ආචාර්ය මහාචාර්යවරුන් 7දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් තෝරාගන්නා ලද රංගන හා කාර්මික ශිල්පීන් වෙනුවෙන් සම්මාන 44ක් ද, සාම්ප්‍රදායිකව පිරිනැමෙන විශේෂ සම්මාන 09ක් ද පිරිනැමීම සිදු කෙරුණි.

මෙහිදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනී මහත්මිය සම්මානයක් පිදුම් ලැබූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රේක්ෂකාගාරයේ නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයට ගොස් සම්මානය පිරිනැමීම සුවිශේෂී සිදුවීමක් විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ 1963 වසරේ සරසවි සම්මාන උළෙලේදී ආචාර්ය නන්දා මාලනිය ශ්‍රී ලංකේය සිනමාවේ පසුබිම් ගායනය වෙනුවෙන් මෙලෙස සම්මානයක් පිදුම් ලැබූ බවත්, තමාට ද එම අවස්ථාවට සහභාගීවීමට අවස්ථාව හිමි වූ බවයි.

ශ්‍රී ලාංකීය සිනමාව සහ සංගීත ක්ෂේත්‍රය උදෙසා ආචාර්ය නන්දා මාලනි මහත්මිය විසින් ලබාදුන් දායකත්වය වෙනුවෙන් සමස්ත ජාතියේම ගෞරවය සහ ප්‍රණාමය මෙන්ම ස්තූතියි ද හිමිවන බව ජනාධිපතිවරයා ඒහිදි ප්‍රකාශ කර තිබේ.

මෙම සිදුවීම ඉතා සුවිශේෂී වූ අතර සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන් කටයුතු කළ සමන් අතාවුද මහතා එම අවස්ථාව සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්

උඩට ගන්න වසරේ හොඳම ගායිකාවට හිමි සම්මානය මවෙර …. අදාල ගිතය වනෙුවනේ නන්දාට හිමිවුණා. එම සම්මාන ප්‍රදානය ජනාධිපති රනිල්… නන්දා අසුන්ගනෙ සිටි ස්ථානයටම ගොස් අදාළ සම්මානය පිරිනැමීම මමෙ සම්මාන උළලෙේ සිදුවූ සුවිශේෂීම අවස්ථාව බවට පත් වුණා. මමෙ සිදුවීම සම්බන්ධයනේ සම්මාන උළලෙේ නිවේදන කාර්යයට උරදුන් ප්‍රවීන නිවේදක, ජනාධිපති මාධ්‍ය උපදේශක සමන් අතාවුද හටේටි සිය මුහුණු පොතේ තැබූ සටහන මෙසෙේය…. කියලා

“මම වසර ගණනාවක් ජනාධිපති සම්මාන උළෙල මෙහෙයවා ඇත්තෙමි.

හැබැයි මට මා ගැන වඩාත්ම සතුටක් සහ ආඩම්බරයක් ඇති වූ සම්මාන උළෙල 2023 සම්මාන උළෙල යි.

සම්මාන උළෙල දා උදෑසන මා ඇමතූ මහාචාර්ය සුනිල් ආරියරත්න කීවේ, නන්දා මාලිනි 2020 හොඳම ගායිකාව ලෙස නිර්දේශ වී ඇති බවය. අසනීප තත්වය නිසා ඇවිදීමේ අපහසුතාවක් ඇති බවද, එනමුදු ඇය කෙටි වේලාවකට හෝ උළෙලට සහභාගී වන බවද කී ඔහු මගෙන් ඉල්ලීමක් ද කළේ ය.

යම් හෙයකින් ඇය සම්මානයට පාත්‍ර වුවහොත්, ඇයට වේදිකාවට ඇවිද එන්නට අපහසු බව කී සුනිල් මගෙන් ඉල්ලා සිටියේ අවස්ථාවට ගැලපෙන පරිදි ඒ අපහසුව නිවේදනය කරන ලෙස ය. ඇගේ දියණියක හෝ සහෝදරියක වේදිකාවට පැමිණ සම්මානය ලබා ගනු ඇති බව ද ඔහු පැවසීය.

ගායක ගායිකාවන් උදෙසා සම්මාන පිරිනමන අවස්ථාව එළැඹිණි. ඒ අදියරෙහි සම්මාන පිරිනමමින් සිටියේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ය.

2020 හොඳම ගායිකාව ලෙස සම්මානය නියමිත කවරය විවෘත කර නම නිවේදනය කරන්නට සැරසුණෙමි.

නන්දා මාලිනී යනුයෙන් එහි සටහන් වී තිබිණි.

ඒ නම නිවේදනය නොකළ යුතු යැයි එසැණ සිතිවිල්ලක් මට පහළ විය.

මම රාජ්‍ය අමාත්‍යතුමා වෙත ගියෙමි.
” පොඩි වෙනසක් කරන්න උත්සාහ කරමු ද?” ඇසීමි.

ඔහු එකඟ විය.

අපි දෙදෙනා සම්මානයත් රැගෙන වේදිකාවෙන් බැස ප්‍රේක්ෂකාගරය වෙත ගියෙමු.

‘කොහෙද මේ යන්නෙ? නමක්වත් එනවුන්ස් කළේ නෑනේ…”

මුල් පෙළ අසුන් ගෙන සිටි ආචාර්ය සෝමරත්න දිසානායක ඇසීය. මම ටිකක් ඉන්න යැයි සෝමෙ අයියාට අතින් සන් කරමින් ඇවිද ගියෙමි.

අප මේ යන්නේ නන්දා මාලිනිය අසළට ම ගොස් සම්මානය පිරිනැමීමට ය.

ඒ අතර තවත් දඩබ්බර සිතිවිල්ලක් සිතට නැගිණි. එය සම්ප්‍රදාය විරෝධී කාරියකි. නමුත් සම්ප්‍රදායන් කඩන්නට හයියක් නැත්නම් අපෙන් ඇති පලය කිම?

මම ජනාධිපතිතුමන් වෙත ගොස් නන්දා මාලිනියට කරන ගෞරවයක් ලෙස මේ සම්මානය පිරිනමන ලෙස ඉල්ලා සිටියෙමි.

ජනාධිපති සම්මාන උළෙල ඇරඹූ දා පටන් මේ දක්වා හොඳම ගායිකාවට ජනාධිපති අතින් සම්මානයක් පිරි නමා නැත.

ජනාධිපතිතුමාත්, විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනත්, සම්ප්‍රදාය බිඳින්නට මේ කාර්යය කරන්නට එකඟ වූහ. එසේ කිරීම වඩාත් සුදුසු බව රාජ්‍ය අමාත්‍යතුමාද පැවසීය.

නිල අවසරය ලැබිණි.

වැඩේ තීන්දුය..!

ජනාධිපතිතුමා සිය අස්නෙන් නැගිට නන්දා මාලිනිය වෙත ගියේය.

අන්දුන්කුන්දුන්ව මා පිටුපසින් දිව ආ සහෝදර නිවේදකාවන් දෙදෙනා අත තිබූ එෆ් එම් මෛක්‍රෆෝනය ගත් මම නිල නිවේදනය කළෙමි.

” හොඳම පසුබිම් ගායිකාව – ආචාර්ය නන්දා මාලිනී….!”

ජනාධිපතිතුමා නන්දක්කාට සම්මාන පුද කළේ ය. මුළු සභාවම නැගී සිට ගෞරවාචාරය දැක්වූහ. ජනාධිපතිතුමා දෑත ඉහළට ඔසවා අත්පොලොසන් දුන්නේ ය. ඡායාරූප ශිල්පියෝ එකා පිට එකා නගිමින් පින්තූර ගත්හ.
‘හැටතුනේ ඔබතුමියට මුල් වරට සම්මානෙ දෙද්දිත් මම ශාලාවෙ ඉඳන් අත්පුඩි ගැහුවා…’ ජනාධිපතිතුමා නන්දක්කා වෙත නැවී පැවසීය.

‘සර් හැමෝටම ඇහෙන්න ඔය කතාව කියන්නකෝ..’ කියා මම එතුමාට ළංව ඉල්ලීමි. මා අත තිබූ මෛක්‍රෆෝනය එතුමාට දුන්නෙමි.

‘1963 සරසවි සම්මාන උළෙලේ එතුමිය මුල්ම සම්මානය ගනිද්දී මම එතැන හිටියා. අද අවුරුදු 60කට පස්සෙ මට එතුමියට සම්මානයක් දෙන්න ලැබුණා. ගම්පෙරළිය චිත්‍රපටයේ දොයිය බබා නැළැවිලි ගීතය එතුමියගේ හඬින් අහපු අවස්ථාව මගේ හිතේ තවමත් තියෙනවා. ගම්පෙරළිය චිත්‍රපටයේ සංගීතයක් ලෙස තිබුණේ ඒ නැළවිලි ගීතයයි, Over the Waves වාදනයයි විතරයි. මෙතුමියගේ සංගීතය අප රස විඳිනවා. එතුමිය කළ සේවයට මගෙත්, මුළු රටේම ජනතාවගේත් ස්තුතිය මම පුද කරනවා.”
ජනාධිපතිතුමා පැවසීය.

ශාලාවේ සිටි සහෘදයෝ යළිත් අත්පොළොසන් නැගූහ.

නන්දක්කාට සුබ පැතූ ජනාධිපතිතුමා සිය අසුන වෙත ගියේ ය.

මමත් රාජ්‍ය අමාත්‍යතුමාත් වේදිකාවට ගියෙමු.

නන්දා මාලිනියට ආයුරාරෝග්‍ය සම්පත් පතමින් යළිදු වරක් නැගී සිට ගෞරවය සහ ආදරය පිරිනමන ලෙස මම පේ‍ර්ක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටියෙමි.

සියල්ලෝ නැගී සිට ආචරය පුද කළහ.

නන්දක්කාට උපරිම ගෞරවය පුද කිරීමට දායකවීම ගැන මට ඇත්තේ අහිංසක සතුටකි. නිහතමානී ආඩම්බරයකි.!”
සමන් අතාවුද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *