ශාකවල සෞඛ්‍යය මනින්න නාසාහි ශ්‍රී ලාංකික විද්‍යාඥයා හැදූ චන්ද්‍රිකාවක් ගුවනට

0

ශාකවලින් වාෂ්ප කෙරෙන ජල වාෂ්ප ප්‍රමාණය (උත්ස්වේදනය) අධෝරක්ත කිරණ මගින් ග්‍රහණය කරගෙන එම ශාකවල සෞඛ්‍ය තත්ත්වය (නිරෝගී බව) මැනිය හැකි විශේෂිත චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉකුත් 18 වැනිදා (බ්‍රහස්පතින්දා) අලුයම අභ්‍යවකාශගත කිරීමට ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර, නාසා ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාගේ මූලිකත්වයෙන් යුත් විද්‍යාඥයන් කණ්ඩායමක් කටයුතු කර ඇත.

‘හයිපස්පෙක්ට්‍රල් තර්මල් ඉමේජ්’ නමැති සිද්ධාන්තය ඔස්සේ මෙසේ පොළොව මත ඇති ශාකවලින් චන්ද්‍රිකාව ලබාගන්නා දත්ත මගින් ජලය අනවශ්‍ය භාවිතය වළකා, වගාවන්ට අවශ්‍ය ජල ප්‍රමාණය, අවශ්‍ය අවස්ථාවේදී නිකුත් කිරීමට මහා පරිමාණ වගා කටයුතු සිදු කරන ගොවීන්ට ඉතා නිවැරදි තොරතුරු ලබා දිය හැකි බවද, යම් වගාවක හෝ ශාකයක සෞඛ්‍ය තත්ත්වය මේ මගින් නිශ්චය කරගත හැකි බවද ආචාර්ය සරත් ගුණපාල මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *