විරෝධයට ආ දෙමළ දේශපාලනඥයන්ට හා ජනතාවට නාවික හමුදාවෙන් අපූරු සංග්‍රහයක්..!

0

ඉඩම් මැනීමක් නවතන ලෙස ඉල්ලා යාපනයේ මණ්ඩතීව් නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත දෙමළ දේශපාලනඥයන් හා තවත් දෙමළ වැසියන් පිරිසකට නාවික හමුදා නිලධාරීන් බිස්කට් හා සිසිල් පැන්වලින් පෙරේදා (12දා) සංග්‍රහ කරනු ලැබ තිබේ.

විරෝධයට එක් වූ පිරිස අතර දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රීධරන් මන්ත්‍රිවරයාද දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) සෙල්වතුරෙයි ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයාද  උතුරු  සභාවේ හිටපු සභාපති සී.වී.කේ. සිවඥානම් ද තවත්  සංවිධාන  කිහිපයක නියෝජිතයෝද සිටියහ.  තේ පානයෙන් ස්වල්ප වේලාවකට පසුව  විරෝධතාකරුවන් එම ස්ථානයෙන් නැඟිට ගොස් ඇත.

යාපනයේ වේළුසුමන නාවික හමුදා කඳවුර පුළුල් කිරීම සඳහා මහජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ලබා ගැනීමට යන බවටත්   එම ඉඩම් මැනීම සඳහා මිනින්‍ෙදා්රු නිලධාරීන් පැමිණෙන බවටත්  තොරතුරු ලැබීම නිසා මේ පිරිස ඊට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කොට තිබිණි.

අධික හිරු රශ්මිය මැද මෙම විරෝධතාව ආරම්භ කොට තිබුණද මිනින්‍ෙදා්රු නිලධාරීන් එහි නොපැමිණීම නිසා විරෝධතාකරුවෝ දැඩි වෙහෙසට පත්ව සිටියහ. ඒ නිසා නාවික හමුදාවෙන් බිස්කට් හා සිසිල් පැන් සංග්‍රහය ලැබී තිබේ. එම සංග්‍රහය භුක්ති විඳීමෙන් පසුව  විරෝධතාකරුවෝ නාවික හමුදා භූමි ප්‍රදේශයෙන් නැඟිට ඉතා සුහදශීලීව  ආපසු ගොස් තිබේ.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *