කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවා  නව ගොඩනැඟිල්ලක් විවෘත වේ.

කොරියානු රජය සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ සහයෝගය මත ඩොලර් මිලියන 1.3ක වියදමින් ඉදි කරන ලද කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවා නව ගොඩනැඟිල්ල ඊයේ (25) කොළඹ වරාය පරිශ්‍රයේදී විවෘත කෙරිණි.

ඊට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර සහ වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වය ලැබින.

මෙම අවස්ථාවට කොරියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee, KOICA ආයතනයේ උප සභාපති Mr. Lee Yunyong, KOICA ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා Ms. Kim Miyungjin,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමනී රණතුංග මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි විය.‍