‘නිහොන්බෂි’ ජපන් අවන්හලට ගිය ජනපති

0

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි.

ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *