නිපා වෛරසයට භිය විය යුතු නැහැ – සැලකිලිමත් වන්න

0

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන බවට වාර්තා වන නිපා (Nipah) වෛරසය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ද දැඩි අවධානය යොමුව තිබේ.

කේරළයේ වෛරසය ආසාදනය වූවන් 6 දෙනෙකු හමු වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට මිය ගොස් ඇත.

ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (සැප්. 22) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශේෂ මාධ්‍ය හමුවක් ද කැඳවා තිබිණි.

එහිදී අපේක්ෂා රෝහලේ වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල සඳහන් කළේ, නිපා සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව ය.

එළඹෙන සතිය වන විට ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය නිපා වෛරසය හඳුනා ගැනීම සඳහා වන විශේෂිත පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඔහු පැවසීය.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ, ඒ අතරතුර නිපා වෛරසය පිළිබඳව යම් අවදානම් තත්ත්වයක් උද්ගත වුවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අංශ සූදානමින් පසුවන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *