නුවරඑළියට විශ්වවිද්‍යාලයක්

0

නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

උඩරට වතු ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් ගත වෙන බව කී අධ්‍යාපන අමාත්‍යවරයා ඒ නිමිත්තෙන් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා රජය සමග වැඩපිළිවෙළක් සංවිධාන කර තිබෙන බව පැවසීය.

අදාල කටයුතු සොයා බැලීමේ කටයුතු වෙනුවෙන් තමා කොටගලට ප්‍රදේශයේ සංචරය කළ බවද අමාත්‍යවරයා කීය.

කිසිම ප්‍රජාවකට අසාධාරණයක් නොවන පරිදි  කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *