මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායකමහතා  ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි පවසයි

ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසයේදී අනිවාර්යයෙන්ම පැවැත්වීමට නියමිත  හෙයින් ඡන්ද පෙට්ටි  මෙසේ  සූදානම් කරන බවද ඔහු සදහන් කරන ලදි.
ඡන්ද පොළ පිළිබඳ විස්තර ලබා ගත් වහා  ඡන්ද පෙට්ටිවල යම් අඩුපාඩු වේ නම්  ඒවාද නොපමාව  නිවැරදි කිරීමට කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.
ඡන්ද සඳහා භාවිතා  වුණු  අබලන්වූ ඡන්ද පෙට්ටි රැසක් පවතින බවත් ඒවා රජයේ කර්මාන්තශාලාවට යවා පිළිසකර කිරීමට පියවර ගන්නා බවත් කොමිසම පැවසීය.