ඡන්දයට නිරීක්ෂකයෝ 8000ක් යෙදවේ – පැෆරල් කියයි

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉදිරි ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂකයන් අටදහසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ඊයේ (17දා) පැවසීය.

මූලික නිරීක්ෂකයන් දැනටමත් ස්ථානගත කර ඇතැයිද හෙතෙම සදහන් කළේය.

ඒ අනුව ස්ථානගත නිරීක්ෂකයන් හාරදහසක්, තැපැල් ඡන්ද නිරීක්ෂකයන් එක්දහස් පන්සීයක්, ජංගම රථ හරහා යොදන නිරීක්ෂකයන් දහසක්, ගණන් කිරීමේ මධ්‍යස්ථානය සඳහා නිරීක්ෂකයන් එක්දහස් පන්සීයක් යෙදවීමට සැලසුම් කර ඇතැයිද හෙතෙම පවසන ලදි.

ඊට අමතරව දිගු කාලීන නිරීක්ෂකයන් දෙදහසක් පමණ යොදවන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.