නව වසරේ පාර්ලිමේන්තුව 9 දා සිට 12 දා දක්වා

0

පාර්ලිමේන්තුව ලබන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

ඒ අනුව 09 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම, ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියෝග සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ අංක 2334/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් චමින්ද කුලරත්න මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *