ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා තමා හට කළ හැකි හැමදෙයක්ම කළ බවත් මේ ගමන ඉදිරියට යනවාද නැද්ද තීරණය කළ යුත්තේ ජනතාව බවත් ගාල්ලේදී පවසයි

තමා රට වෙනුවෙන් කළ යුතු හැම දෙයක්ම විසින් ඉටුකර තිබෙන අතර ඒ ගමන ඉදිරියට යනවාද? නැද්ද? යන කාරණය තීරණය කළ යුත්තේ ජනතාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී පැවසීය.

මැතිවරණ කොමිසම සැප්තැම්බර් හෝ ඔක්තෝබර් දිනයක් ජනපතිවරණයට නම් කළ විට රටේ අනාගතය ආරක්ෂා කරනවාද? නැද්ද? යන කාරණය තීරණය කරන්න ජනතාවට අවස්ථාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.