ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තෙගුණයකින් ඉහළට

වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම 2024 ජූලි ප්‍රතිඵලවලින් මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුමත කරන බවත්, ආර්ථිකය සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුබවාදීව සිතන බවත් පෙනී ගොස් තිබේ.

එම ප්‍රතිඵලවලට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ තිබූ 7% ක අගයෙන් 24%ක් දක්වා එනම් තෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් තිබේ.

වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සමීක්ෂණයකට සහභාගි වූවන්ගෙන් 28%ක ප්‍රතිශතයක් වර්ග කර තිබේ.

 එය 2024 පෙබරවාරි මාසයේ තිබුණු 9%ක අගයට වඩා තුන් ගුණයකින් ඉහළ අගයකි.

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසත් තෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර, එම පිරිස ප්‍රතිශතයක් ලෙස 30%කි.

2024 පෙබරවාරි මාසයේ එසේ සිතූයේ 9%ක පිරිසක් පමණි.