පේරාදෙනියේ මිය ගිය තරුණියට අධිමාත්‍රා හෝ වැරදි එන්නතක් දී නෑ

0

උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය  ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය 21 හැවිරිදි තරුණියට කිසිදු ආකාරයක අධිමාත්‍රා ඖෂධ ලබා දීමක් හෝ වැරදි ඖෂධ ලබා දීමක්සිදුව නොමැති බවපේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .

එම තරුණියගේ ආන්දෝලනාත්මක මියයාම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (13) සවස එම රෝහලේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා ඒ බව අවධාරණය කළේය .

එම රෝගියාට ලබා දී තිබෙන ceftriaxone නමැති ප්‍රතිජීවක ඖෂධය පේරාදෙණිය ශික්ෂණ රෝහල ඇතුළු ලංකාවේ සියලු රෝහල්වල භාවිත වන ඖෂධයක් බව ද ඒ මහතා පවසයි. පසුගිය කාලය තුළ එම එන්නත් කුප්පි 2700ක ප්‍රමාණයක් රෝගීන්ට ලබා දී තිබෙන බව පැවසූ අධ්‍යක්ෂකවරයා එම කාණ්ඩයට අයත් මෙම ඖෂධය ලංකාව පුරා රෝහල්වලින් රෝගීන්ට ලබා දීම සිදු කරන බවත් පැවසීය .

එම ඖෂධය නිසා මරණය සිදු වූ බවට සැකයක් නොමැති බවත් ඒ කී ඒ මහතා මෙය ඉතාම කලාතුරකින් සිදුවන ආසාත්මිකතා කම්පනය හේතුවෙන් සිදු වූ මරණයක් බවට සැක කරන බවද අවධාරණය කළේය .

පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු කිසිවක් පැවසීමට නොහැකි බව පැවසූ අධ්‍යක්ෂකවරයා රෝගියාගේ මරණය සම්බන්ධයෙන් පසු විපරමමේ දී ඒ බව පෙනෙන්නට තිබෙන බවද පැවසීය .

එම තරුණියගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රභාත් සේනසිංහ මහතා විවෘත තීන්දුවක් ලබා දී රුධිරය පටක හා ආහාර සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

රෝගියාට නිර්දේශ කළ එන්නත් මාත්‍රාව එකවර ලබා දීමට හැකි සිරින්ජර නොතිබූ බැවින් දෙවරකදී අදාල මාත්‍රාව ලබා දී තිබෙන බවත් එමගින් රෝගියාට කිසිදු බලපෑමක් ඇති නොවන බව අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය .

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග අංශයේ ප්‍රධානී මහාචාර්ය උදය රළපනාව මහතා පවසා සිටියේ උදරාබාධයක් සමඟ වමනය සහ බඩ එලිය යාම වමනය  යාමේ තත්ත්වය සමග රෝහලට ඇතුළත් කළ රෝගියාගේ ශරීර අභ්‍යන්තරයට ක්ෂුද්‍රජීවීන් මගින් ඇති කර තිබෙන බලපෑම කොයි ආකාරයේ ද යන්න මැන බැලීමට සිදු කරන සී.පී. ආර්. අගය මෙම රෝගියාගේ 270 ක පමණ අගයක තිබූ බවත් සාමාන්‍ය තත්වයේ පසුවන අයෙකුගේ එම අගය තිබිය යුත්තේ 06 ට අඩුවෙන් බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *