ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසරේ පළමු මාස 4ට කෝටි 4,340 ක ලාභයක් ලබයි

0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ (2023) පළමු මාස හතරේදී රුපියල් බිලියන 43.4 ක් හෙවත් රුපියල් කෝටි 4,340 ක ලාභයක් ලැබූ බව මුදල් අමාත්‍යංශය මෙම වසර මධ්‍යයේ නිකුත් කළ රාජ්‍ය මූල්‍ය තත්ව වාර්තාවේ සඳහන් වේ.

එම මාස හතරේදී බොරතෙල් ආනයනයට ඩොලර් මිලියන 277.1 ක් සහ ඛනිජ තෙල් ආනයනයට ඩොලර් මිලියන 1,009.3 ක් වැයකර ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව එම කාලය තුළ ආනයනය කළ පෙට්‍රෝලියම් නිෂ්පාදනවල සමස්ත අගය ඩොලර් මිලියන 877.35 ක් බවත් එම වාර්තා කියයි.

මෙම වසරේ ජනවාරි මස සිට අප්‍රේල් මාස දක්වා කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1,599.7 ක පිරිවැයක් දරා ඇති බවත් එය සමස්ත ආනයන වියදමෙන් සියයට 30 ක් බවත් එම වාර්තාව වැඩි දුරටත් හෙළි කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *