ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය විවෘත කෙරේ

කොළඹ පෝට්සිටිහිදී ශ්‍රී ලංකාවේ පළමු කෘතීම වෙරළ තීරය ( 15 ) විවෘත කළේය. මෙම කෘතීම වෙරළතීරය නැරඹීමට මෙරට ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයන්ටද අද සිට නොමිළේ අවස්තාව හිමිවේ.

පෝර්ට් සිටි සංකීර්ණ තුළ ඉදිවූ ඇවිදින මංතීරුව ජනතාවට නැරඹීමේ අවස්ථාව ලැබුණු අතර ඊට ආසන්නයේම අද විවෘත වූ මෙම කෘතීම වෙරළ තීරයද මෙරට ජනතාවට නවමු අත්දැකීමක් එක් කරනු ඇත.

මෙම කෘතීම වෙරළ තීරයට අමතරව ඒ ආසන්නයේම දෙස් විදෙස් ආහාරවලින් සමන්විත ආහාර අලෙවි පරිශ්‍රයක්ද මහජනතාවට විවෘත කර තිබේ. කෘතීම වෙරළ තීරයේ දිය නෑමට සහ ජල ක්‍රීඩා ඇතුළු අංග රැසකින් විනෝද වීමට දෙස් විදෙස් ලොකු කුඩා සැමට අවස්තාව හිමිවේ.