පොහොට්ටුවට අපේක්ෂකයෙක් නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා  පවසයි

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බලකර කියා සිටින බව පැවසීය.

මෙහිදි අමාත්‍යවරයා ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තම පක්ෂය මෙතෙක් තීරණය කර නැති අතර  ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා සුදුසු පුද්ගලයකු ද තම පක්ෂය සතුව නැතැයි  පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් කළගුණ දන්නා පුද්ගලයකු ලෙස තමන් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය.

මේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ උඩුගම්පොළ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත පිරිසක් අමතමින් සඳහන් කරන ලදි.