චැනල් 4 චෝදනා ගැන සොයාබැලීමට ජනපති ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ “චැනල්-4” චෝදනා විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන්, විශ්‍රාමික ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ ඒ. ජේ සෝසා ගේ සාමාජිකත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇත.