ජනපති කියුබාවෙන් ඇමරිකාවට

0

කියුබාවේ හවානා නුවර පැවති G77 සමුළුවට සහභාගී වීමෙන්  අනතුරුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරට ළඟා විය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ 18 වැනි දා සිට 21 දක්වා සමුළුව පැවත්වෙයි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  21 වැනිදා සමුළුව ඇමතීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *