එඩ්මන්ඩ් රණසිංහයන්ට ජනපති උපහාර

0

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (3) පැවැත්විණි.

රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත “එඩ්මන්ඩ් ගේ පත්තර විප්ලවය” කෘතිය ද ⁣මෙහිදී  ජනගත කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කෘතිය එඩ්මන්ඩ් රණසිංහ මහතාට පිළිගැන්වීය.

මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ජේෂ්ඨ මාධ්‍යවේදීන්ට උපහාර පිදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම උපහාර උත්සවය සංවිධාන කෙරිණි.

මාධ්‍ය විශිෂ්ටයින් ඇගැයීමේ ජාතික යුතුකම ඉටු කරන බුහුමන් පෙළහරක සමාරම්භක සම්භාවනාව යන තේමාවෙන් උත්සවය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *