රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමු වෙයි

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනා සංශෝධන ඇතුළු කරුණු 08කින් යුත් යෝජනාවලියක් මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණි.

සිය චීන නිල සංචාරය නිම කොට නැවත පැමිණිමෙන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හමුවී එම කරුණු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

‍පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග, හිටපු අමාත්‍ය රවී කරුණානායක යන මහත්වරුන් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, උප සභාපති වෛද්‍ය චන්දික එපිටකටුව යන මහත්වරු සහ සංගමයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *