ජනාධිපතිවරණයට සූදානම් වෙන්න.

0

දේශපාලනය යනු වියහැකියාවන්ගේ කලාවකි, එය දක්ෂතමයාගේ කලාවකි. මෙහෙම කිව්වෙ ඔටෝවන් බිස්මාක්. ඒත් බිස්මාක්ගේ මේ ප්‍රකාශයට අභියෝග කළ දේශපාලන අභිලාශකාමීන් කීපදෙනෙක් දේශපාලනය යනු වියනොහැකියාවන් වියහැකියාවන් බවට පත්කිරීමේ කලාවක්’ බව පැවසුවා. එයිනුත් ඉතාම සීමිත පිරිසක් වියනොහැකියාවන්, වියහැකියාවන් බවට පත්කළා.

ලංකාවේ දේශපාලනය ගත්තොත් වියනොහැකියාවන් වියහැකියාවන් ලෙස විශ්වාස කළ කෙනෙක් තමා අනුර දිසානායකගේ පූර්වජයා වන රෝහණ වීජේවීරටත් ඉතිහාසයෙන් සමුගන්න වුණේ සිය අරමුණ තවදුරටත් වියනොහැකියාවක්’ ලෙසම ඉතිරි කරමින්.

දැන් අනුර දිසානයකත් එවැනිිවියනොහැකියාවක් වියහැකියාවක් කරන්න උත්සාහ කරනව. ඒ සියයට තුන, සියයට පනහ ඉක්මවාගැනීම කරන එක. ඒ සඳහා ඔහු තරණය කළයුතු කන්ද ලේසි පහසු නෑ, විශාලයි.

එකපාර සිරිපතුලටම නගින්නේ නැතුව, ලිහිණිහෙල හරියේ විවේක ගන්න ප්ලෑන් කළානම්, කන්ද ස්ටෙප් දෙක, තුනකට නගින්න පෑලෑන් කරන ඉවසීම රනිල්ගෙන්වත් ඉගෙන ගෙන තිබුණා නම්, සිසිප් කන්ද මතට ගෝලය තල්ලූ කරන් ගිය යෝධයා මෙන් ගෝලය යළි යළිත් කන්ද පාමුලට ඇදවට්ටා ගැනීමේ ඛේදවාචකයෙන් ගැලවී ඔහුට කඳු මුදුනට සේන්දු වෙන්න ලැබේවා කියා අපටත් සුබ පතන්න තිබුණා.

කොහොම නමුත් මේ අධි තක්සේරුව ගැන විශ්වාසය නිසාම අනුර කැමති මහ මැතිවරණයකට නෙමේ ජනාධිපතිවරණයකට, ඒකට හේතුව අධි විශ්වාසය විතරක් නෙමේ, මහ මැතිවරණයකට ගිහින් තරග කරන්න තරම් ශක්තිමත් ප්‍රාදේශීය නායකත්වයක් මාලිමාවට නැති නිසා බහුතරයක් නොලැබීමේ සැකය සහ පාර්ලිමේන්තුවේ දී අනුරට විපක්ෂනායකකම ගන්න සෙසු පක්ෂවල සහය නොලැබෙයි කියන සැකය නිසා. ඒත් ජනාධිපතිවරණය දිනන්න බැරි වුණත් රැල්ලට දෙක වුණොත් රට ඇතුළේ එයා විපක්ෂනායක. අනුර කැමැති වුණත් නැතත් අනුරට ඒක බාරගන්න පුළුවන් ඉඩක් හදලා තියෙන්නේ.

සජබය නම් ඉන්නේ කොහොම හරි මහ මැතිවරණයක් ගන්න, මොකද ඔවුන්ට ඉන්නේ ගියපාර රේස් එක පැරදුන අස්සයෙක්, අනික අස්සයගේ ජොකියත් බිරින්දෑම හින්ද ඕන වෙලාවක කැලෑ පාරක පැනලා වැඬේ අවුල් කරගන්න ඉඩ තියෙනවා.

ඒවගේම සජබයේ ඉන්න හුග දෙනෙක් රනිල් එක්ක ඩීල් හින්ද ජනාධිපතිවරණයක දී කීදෙනෙක් සජිත්ට උදව්කරන්න ඉතිරි වෙයිද ශුවර් එකකුත් සජිත්වාදීන්ට නෑ. ගියවර මහ මැතිවරණයේදී සජබය සමග හිටපු පෙරමුණේ රාළ වෙච්ච චම්පික අද එතැනින් ඉවත් වෙලා. සෙන්පති ෆොන්සේකා මග හැරලා. හරීන්ලා මනුෂලා වගේ ජවසම්පන්න පිරිස රනිල් එක්ක. දෙමළ මුස්ලිම් පක්ෂ ටිකත් වෙනම ඉන්නේ. සජබයේ දැනට ඉතුරුවෙලා ඉන්න පක්ෂ ප්‍රබලයන් ගනනාවක්ම දැන් ඉන්නේ රනිල් සමග එකතුවෙන එකගතාවයක. කලින් මහ මැතිවරණයකට ගියොත් මේ අයගෙන් කීපදෙනෙක් හරි සජබයේ ඉතුරු කරගන්න පුළුවන් කියලා සජිත් හිතනවා. මහ මැතිවරණයේදී ජීඑල්ලා ගොඩහේවලා එක්ක එකතුවෙන්න විදිහක් හදාගන්න බලන්නෙත් සජබය දියවී යෑම වලක්ව ගන්න.

මේ අතර පොහොට්ටුවේ කීපදෙනෙක් විපක්ෂයට ගිහින් විපක්ෂනායකකම අරගමු කියල හිතුවට දැන් ඒ අදහස අතඇරල, ඒ අනුරට ඒක ගියොත් විපක්ෂයත් තමන්ට නැතිවෙන හින්ද. දැන් ඒ සුළුතරයත් පොහොට්ටුවේ බහුතරය එක්ක එකතුවෙලා ජනාධිපතිවරණයම කරමු කියනවා. ඒත් එයාලට ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් නැහැ. මහින්ද ඒ ප්‍රශ්නය විසඳුවේ මේ ගමන රනිල් තමයි අපේ අපේක්ෂකයා කියලා තීරණය අරගෙන.

‘වියනොහැකියාවක්, වියහැකියාවක්’ බවට පත්කිරීමේ ලංකාවේ දේශපාලනය තුළ සිදුවුණ ලොකුම ප්‍රාතිහාර්යය තමා තනි මන්ත්‍රීවරයෙක් ලෙස ඇවිත් රනිල් ජනාධිපති වුණ එක. දෙවෙනි ප්‍රාතිහාර්යය තමා යාදෙක නොරත රත වගේ පිරිසක් එක ටීම් එකකට ගෙනත් අවුරුදු එකහමාරක් ආණ්ඩුවකුත් කරල, රටත් බංකොලොත්භාවයෙන් නිදහස් කරගත්ත එක.

අනිත් හැමෝම කයිවාරු පොරොන්දු මළු විතරක් අරන් එද්දි, කවුරුත්ිවියනොහැකියාවක්’ කියල විශ්වාස කරපු දේවල් රනිල්ිවියහැකියාවක්’ කරලා පෙන්නුවා.

අනාගත පොරොන්දු වෙනුවට යථාවත් කළ ප්‍රතිඵල අරන් එන රනිල් ඊළග ජනාධිපතිවරණය දිනන එක මේ වෙලාවේ පේනෙන්න තියන එකමිවියහැකියාව’. ඒ වියහැකියාව සමග එකතුවෙන පිරිස වැඩියි. වියනොහැකියාවන් දෙකක් වියහැකියාවන් කළ රනිල්ට මේ සරළ, ඇසි පනාපිට තියන වියහැකියාව නොතේරෙන්න විදිහක් නැහැ. ඒ නිසා දැන් ඔය වෙන්ඩ ජනාධිපතිලා සේරම ජනාධිපතිවරණයට ලෑස්ති වුණොත් හොඳයි. තව වෙන්න වෙනදෙයක් නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *