අභියෝග හමුවේ කිසිවිටෙකත් පැන නොයන ලෙස ජනපතිගෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට උපදෙසක්

මෙම හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (22) මඩකලපුව ‘ගෝල්ඩන් රිවර්’ හෝටලයේදී  දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ මෙම හමුව  පැවැත්විණි.

රටේ සාර්ථක නායකයෙක්, දක්ෂ දේශපාලනඥයෙක් ලෙස ලද අත්දැකීම් අනුව අනාගත පරම්පරාවේ සාර්ථකත්වය වෙනුවෙන් ලබා දෙන උපදෙස කුමක්දැයි මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී, තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.