බුද්ධ දේශනාව තුළ ලෝකය හමුවේ ඇති අභියෝග ජයගැනීමේ මාර්ගය පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ (08 දා) පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකතෘ සැමරුම් උත්සවයට එක් වෙමිනි.

එහිදි බුදු දහම සහ මේ වනවිට අප ගමන් කරමින් සිටින නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් ඇති බවත් ලෝකය හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනීමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදි.

සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වසර 222ක් පුරා සුවිශාල මෙහෙවරක් සිදු කළ සියලුම ආදිකර්තෘන් වහන්සේලා සිහිකරමින් අමරපුර දිනය සමරනු ලැබු අතර සබරගමුව අමරපුර සාමග්‍රී සංඝ සභාව විසින් මෙය සංවිධානය කෙරිණ.