ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා බහකට එක් වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් බලවත් ශෝකය පළ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *