විදේශගත ශ්‍රමිකයන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් – ජනපති

(21) පෙරවරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැත්වුණු “විගමනික හරසර” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ ම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රටට විදේශ විනිමය උපයා දෙමින් ඔවුන් ලබා දුන් දායකත්වයට ස්තූතිය පිරිනැමූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට එය මහත් ශක්තියත් වූ බවද පැවසීය.