ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

මෙවර පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව දන්වා ඇත. මැතිවරණ පවත්වන දින සම්බන්ධ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අද පෙරවරුවේ නිකුත් කෙරිණ.

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය.

රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.